Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Peradaka Susumak
Thilina Ruhunage, Theekshana Anuradha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
කුලුදුල්ම හීනයක් මේ
මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත්
මගෙ ආදරේ තරම්
පෙරදාක සුසුමක්
තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇඳී
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුනු ආදරේ
උහුලන්න බැරි තරම්
පෙරදාක සුසුමක්...