Bingu Walapila
Priya Suriyasena
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බිඟු වැළපිලා මල් පරවිලා
තරු ගිලිහිලා සඳු සැඟවිලා
අඳුරේ වෙලීලා මඟ නොපෙනිලා
ඇය වෙන්වූවා මා තනි වූවා
මුදු සීත නිල් විල් තලා අසල හිඳිමින් ලංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැදේ //
මොහොතින් ඇදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා
බිඟු වැලපිලා ....
සිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ //
මොහොතින් අදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා
බිඟු වැලපිලා ....