Miniseku Pita Nagi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී)..//
හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදි යනවා
මිනිසෙකු පිට...
ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා
මිනිසෙකු පිට...//