Janatha Rajayak
StageLight&Magic Inc.
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බඩ ගින්දර තේරෙන දරු පිය අම්මේ
ඇයි පොලිටික්කාගේ බොරුවට රැවටෙන්නේ
බොරු කියනව උන් සැප විඳිනවා උන්
ජීවිතේ බර වැඩිවෙන්නේ, අපෙ දුප්පත් රට වැසියන්
ඔබේ සුන්දර මව්බිම, මේ රන් පොළොවේ
ඔබගේ දහඩිය වැටෙනා ලැබෙනා පෝෂණයෙන්
උන් නැගිටිනවා ඔබ තෙරපෙනවා
මේ කඹ ඇදිල්ලෙන් ඔබ ජය ගන්නට විකල්පයක් දෙනවා
ඔබගේ ශ්රමයට ගරුකර කටහඬ ඇසෙනා ජන රජයක්
දුප්පතා පතා, රජයක් පිහිටා, රට ගොඩනංවා
තමුන්ගේ නුවන යොදා චන්දය දෙන්නකො හොඳ වැසියන්ට
තරුණ පරපුරට, අවංක උගතුන්ට
අපගේ දූපතේ අර්භුද සැමදා ඇතිවන්නේ
මේ අර්භුද වල ප්රතිපල ඇත්තේ පොලිට්ක්කගේ සාක්කුවේ
දේශයේ මව්වරු පියවරු පෝලිම් වල ලත වෙන්නේ
මේ අරගලයට මුල වෙන්නේ "අපෙ දේශය බඩගින්නේ"
ණය පිට ණය අරගෙන අපෙ රට දනගස්සලා
ගත්තු ණයෙන් හොඳ ගානක් පොලිටික්කා උස්සලා
රස්සා දෙනවා කියලා රාජ්ය සේවය වැඩි කරලා
ණය ගැති කූඩුවෙ හිර කරලා, ලක් මෑණිව වහල් කළා
ඔබගේ ශ්රමයට ගරුකර කටහඬ ඇසෙනා ජන රජයක්
දුප්පතා පතා, රජයක් පිහිටා, රට ගොඩනංවා
තමුන්ගේ නුවන යොදා චන්දය දෙන්නකො හොඳ වැසියන්ට
තරුණ පරපුරට, අවංක උගතුන්ට
රට නිදහස් කරනා අරගලයට අපි ජය පතමු
බෙදුම්වාදයයි ජාතිවාදයයි අත හරිමු
එක්වෙමු නැගිටිමු අපෙ ලක්මෑණිව අපි සුව කරමු
රට ගැන සිතලා, දේශපාලුවා පිටු දැකලා, රට නගලා