Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
The Chanting of Love
Tharindu Damsara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මලක් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල් කෙමි
හීන් හිරි වැස්සට වෙන්වෙයි
ස්ව කැමැත්තෙන් ඇතැම් මල්පෙති
ඉඩෝරෙත් පිපි මල් පෙති
ගලව ගලවා දුන් හැටි
ඔබේ ළඟ ඒ කවි ඇති
මට කියා කිසිවක් නැති
වැව රවුමේ යන්තමට ගෑවෙන
හිඳපු බංකුවේ දියසෙවල් පිස
අදත් වැහිලිහිණියෙක් තනියම
හිටියා නමවෙනි වළාකුල ළඟ
දවස් තිබුණා අපටත්
දුරින් හිඳ මිමුණුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුණ
ආදරේ හදවතට දැනුණම
හුදෙකලාවත් සාපයක්
හීන පාවාදීම යනු නිම්
කරන්නට බැරි පාපයක්
වසන්තේ මම වෙමි
අනන්තේ නුඹ නොවී
සඳැස් කව් ලිහි ලිහී
ප්රේමයේ පිංකම් කෙරේ
ආදරේ පිරිතකි
ජීවිතේ සිරිතකි
පන්හිඳේ එති එතී
කවි තිඹිරිගෙයි ලතී
සිරිතටම පිරිත් කී
හිතට සැනසුම් නැතී
පිරිත් සර ඇසි ඇසී
කුමරී සැපසේ නිදී