Eka Gangaka Iwuru
Rupa Indumathee
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ)//
අඬ නින්දේ දුටුව මල් සිහිනේ දිනෙක සැබෑ වේදෝ
සැඬ සුළගෙ දැල් වූ රන් පහණේ
එලිය යලි නිවේදෝ
එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ
අද දකින දෙතරු නිල් අහසේ හෙටද මට පෙනේදෝ
ඔබෙ සමරුපොතෙහි කොළ පෙඟිලා
(සිතුවම් බොඳවේදෝ)//
(එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ)//