Skip to content

Ithin Aye Negemu

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලේ මස් දන් දී සුරැකි ම්ව් දෙරණ රකින්න පෙරට එමු මම හැදුනොත් රට රකින්න පුළුවන් හිතට වීරිය ගමු සතුරා පරදවමු අපි එකා වන්ව නැගෙමු හිතිං පවුරු බඳිමු අපි ගතින් ඈත හිඳිමු අසරණ මිනිසුන් කඳුලු පිසින්නට අත්වැල් දිගු කරමු දිවිය දෙවැනි කොට දෙරණ රකින විරුවන් හට සහය දෙමු දෙවියෝ නුඹයි මහ පොලොව රකින ආශිර්වාදය පතමු මනුසත් කම් මවමු අපි ඉතිං ආයේ නැගෙමු. වැටුනු තැනින් ආයෙම නැගිටින්නට හිතවත්කම් බෙදමු අපේ කමට තැනදී ඉතිහාසය රනින් ලකුණු කරමු මගේ යුතුකම කරමු වගකීමෙන් වැඩ කරමු. වැටුනු තැනින් නැගෙමු ලොව අළුතින් හෙට ලියමු