Skip to content

Udarata Kandukara Siriya Paradana

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙලන ළඳේ // රට පණ ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ අපි ණයගැති වෙමු සුකුමල දෑතට තේ දළු නෙලන ළඳේ උඩරට කඳුකර .... ලියලන දළු වල කරටිය හැමවිට ඔබෙ නෙත් දෙසට නැමේ දනමන පිනවන ඉමිහිරි පානෙකි පිටරට යවන අපේ උඩරට කඳුකර .... සේවයෙ යහපත ලොවටම සලසන කම්කරු ළඳකි ගමේ ලංකා පොළවේ පැලවෙන තේ ගස ඔබෙ දිවි රකිනු ලැබේ උඩරට කඳුකර ....