Mama Ahasak Wennam Oba Mage Sanda Wenna
Ajith Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න
මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න
මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
පොළවේ වැලි කැට ගණනට ආදරේ වෙන්නම්
අතිනත් ගත් පසුවත් මා මේ ලෙසටම ඉන්නම්
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මට මෙන් වෙන හිතකට ඔයා ආදරේ ඇත්නම්
ඒ ආදරේ මගේ පෙමට වැඩිය දැනෙනවා නම්
ඔහුගේ ලඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
ඔයාට හොදක් වෙන්න හිතා මං තනිවම ඉන්නම්
මම අහසක් වෙන්නම් ....