Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ayemath Adaren
Athma Liyanage, Thilina Ruhunage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා
හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්