Rae tharakawo
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා
කඳුළැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා
හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුළක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා