Hiru Langa Seethala Soyana
Suranji Shamali
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හිරු ලඟ සීතල සොයනා
හිම මත උණුසුම පතනා
ලොව තුල අප සැරිසරනා
(සිහිනය තනියට හිඳිනා)..//
මල් පිබිදෙන්නට වසන්තයම ඔබ හට ඕනෙද
ගිම්හානයෙ පිපෙනා තනි මල කොතරම් සොඳුරුද
ජීවිතයේ හැමදා ඔබහට හසරැල් ඕනෙද
කඳුලක් පවසන හැඟුම් දහර කොතරම් සිහිලද
හිරු ලඟ සීතල....
උල්පත නොදනී නම් ගඟුලක දිය නොපතන්න
පන්සිළු නොදනී නම් වීණා ගැන නොතැවෙන්න
මින්දද නොදනී නම් පෙම්ලොව දොරගුලු ලන්න
අන් දුක නොදනී නම් නෙත කඳුලැල් නොසලන්න
හිරු ලඟ සීතල....
සිහිනය තනියට හිඳිනා..