Skip to content

Dasa Masak Pura

Asanka Priyamantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දස මසක් පුරා මා නුඹගේ කුස දරා ලේ කිරෙන් පොවා මා හදෙහී පණ පොවා ගං දියට මෙමා දෑතින් නුඹ විසි කළා කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා වතුර පෙවී හුස්ම ගන්න බැරි උනා මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා අවසන් මොහෙතෙත් අම්මව සිහි උනා ඔබේ පුතා ගං පතුලට බිලි උනා ඔබේ පුතා ගං පතුලට බිලි උනා දස මාසේ ගාථාවේ පද කියා මම වැන්දා මගෙ අම්මෙ නුඹේ දෙපා විසි කරනා මොහෙතේ වතුරට මෙමා සිහි වූයේ නැතිදෝ ඒ මා කියා සිහි වූයේ නැතිදෝ ඒ මා කියා පන්සලකට දුන්නා නම් ඔබේ පුතා සිවුරු දරා සඟ රුවනක් වී සදා අම්මාවත් සසරින් එතෙරෙට තියා සනසනවා අකලට පරවී නොයා සනසනවා අකලට පරවී නොයා සනසනවා අකලට පරවී නොයා