Epa Sande Obe Sina
Edward Jayakody
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...
අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..
එපා සඳේ ඔබේ සිනා....
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුව රොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...
එපා සඳේ ඔබේ සිනා....