Kelilola belmen
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා
පෙම් හීන යායේ මල් දේදුනු එලලා
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා
ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ
කෙලිලෝල බැල්මෙන්
ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්රාර්ථනා සේ
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී
හිත ඉබේ ඔබ සොයා
ඉගිලයේ හිත මගේ
කෙලිලෝල බැල්මෙන්.../
සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන්
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්රාර්ථනා සේ
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ
හිත ඉබේ ඉන් මිදී
ඉගිලයේ කොයි කොහේ
කෙලිලෝල බැල්මෙන්.../