Yamu Yamu Peratama
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)
අහසින් මුහුදින් මේ මහා පොළොවෙන්
එදා වගේ විත් ලයේ ලිය රන්දා
අපෙ දැය මුදවා රුපු බල බින්දා
එකම රටක් වී දැයක් සිනාසෙන දා
නිදහස් ගී ගැයෙනා අරුණැල්ලේ
සුරුවිරුකම් දකිනා මොහොතයි මේ
ජය සක් හඬවා ජය දද නංවා
රණවිරු සැමගේ අබිමන් වඩවා
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)
දස්කම් විස්කම් හා සුරුවිරුකම්
සදා අපේ පින්බිමේ කිරුල දිදුලා
අපෙ නම සැමදා ලෝ තුල දිනවා
වීරපුතුන් සේ දැයක් නගා සිටුවා