Skip to content

Ralakin Thaniwi

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(රැලකින් තනි වී වනමැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි මට ඔබගේ ප්‍රේමේ.....//) හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ..... රැලකින් තනි වී...// තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල කවා පොවා සනහා පෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරණා...... රැලකින් තනි වී...//