Katu Athara Unath
Theekshana Anuradha, Jude Rogans, Harshana Disanayake, Gayani Madhusha, Eranda Pathum, Chandana Hettiarachchi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා
සඳ සිසිල දැනී තරු පොකුරු පිටින් මතක කඩා වැටීලා
අද අහස පුරා හඳුනන්නට බෑ මේ දෙකම එකක් වීලා
මේ මගේ පැතුම් මහමෙරක් වුණත් ඉටු වේවි සැබෑ වීලා...
සිත් මල් ඇහැරී සුවඳින් විසිරී
විසිරී ඉසිරී ඉසිරී විසිරී ආදර හැඟුම් පිපිලා
ආදරය ගලා යන ගඟක් වෙලා
ආදරය දොවා දෝතට දරා බිඟු කැළට කියා ආදරය හොවා...
හැම මලින් මලට ගහ කොළට පවා ආදරය බෙදා දීලා....
ජීවිතය අපේ රන් පිහාටුවක් සුළඟේ සැලෙනා
සැලෙනා ලෙලෙනා ආදරේ වසී නහවා
මධු මී පුරවා දෙතොලග තවරා
ආදරේ සිත් සේ හැම විඳගන්න
ආදරේ මත්තේ හැපි හැපී ඉන්න...
(සමනල රැනට ඔබ එක් වෙන්න
ආදරය අරන් එන්න...//)