RanmaliSeya
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රන්මැලිසෑය විය දිවි අඹරට නැගෙන
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පව්ව විය දුක සැප සමව දරන
පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන...
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා...///