Veedi Kone
Chandrasiri Hettiarachchi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වීදි කොණේ කඩපිළ මත අපේ පුංචි මාළිගාව
හිරුට හොරෙන් සැඟවී යනවා
සඳ සිසිල අරන් හෙට ආයෙත් එය ඉදිවෙනවා......
නිදි වැරූ නෙතට මුළු රැය පුරාවට
කඩපිලේ ඉඳන් සක්විති වෙනවා
උදා හිරුත් සමගින් යළි බිමට වැටෙනවා
ඔටුන්න බිමට වැටෙනවා.......
වීදි කොණේ......
කුස දැරූ අහර නැති ගත විඩාබර
නෙතු කොණින් කඳුළු කැට ගිලිහෙනවා
හිරු නොදුටුව මාළිගාවේ හීන දකිනවා
හැමදා හීන දකිනවා......
වීදි කොණේ.......