Sandatath Hora Pipi Kumudak Lesin
Dayan Witharana, Nirosha Virajini
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්
මලටත් හොරා රැඳි සුවදත් ලෙසින්
හිතටත් හොරා ආ හැඟුමක් ලෙසින්
නෙත නොපියා රැදී ඉමු ලංවී ඉතින් .... ලංවී ඉතින්
මුඩුබිම් තෙමා ආ ගඟුලක් ලෙසින්
තුරු හිස් වසා ආ කුසුමක් ලෙසින්
දියඹේ පිපී ආ පියුමක් ලෙසින්
සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින්
සඳටත් හොරා ....
දිවි මං සලේ දිලි පහනක් ලෙසින්
හද ගී පොතේ රැඳි ගියක් ලෙසින්
රෑ ආකහේ තනි තරුවන් ලෙසින්
සසරේ බැඳී ඉන්න ලංවී ඉතින් .... ලංවී ඉතින්