Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Guru pata handawa
Senaka Batagoda
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ගුරුපාට හැන්දෑවේ නුඹෙ රුව මැවේනම්
ගුරුපාරේ මේ යාමේ කවුරුත්ම නැතිනම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
ඉසුරුමුණියෙ තාම පෙම්බස් දොඩයිනම්
දුරපේන සිතිජයද තාමත් එතනනම්
සඳ එළියෙ නැහැවී තරු අතරෙ තනිවී
ඉගිලෙන්න මං හරිම ආසයි
නුඹ ළඟ ඉන්නවනම් මගෙ දුක හරිම දුරයි
මගෙ හිත හඬනවනම් නුඹ ළඟ නැතිපාටයි
වැඩිපුර හිතන්න හිත ඉඩ නෑ
හිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මට විතරයි නුඹ මට විතරයි
මගෙ හිත මටම කියයි
ගුරුපාට හැන්දෑවේ නුඹෙ රුව මැවේනම්
ගුරුපාරේ මේ යාමේ කවුරුත්ම නැතිනම්
මම ඉන්නෙ තනියෙන් නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
නුඹ සිත සතුටින්නම්
එය මට හොඳින් දැනේ
නුඹ සිත හඬනවනම්
මට ඉවසන්නට බැරිවෙයි
වැඩිපුර හිතන්න හිත ඉඩ නෑ
සිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මම මමමයි නුඹ නුඹමයි
එනමුදු අපි එකමයි
ගුරුපාට හැන්දෑවේ නුඹෙ රුව මැවේනම්
ගුරුපාරේ මේ යාමේ කවුරුත්ම නැතිනම්
මම ඉන්නෙ තනියෙන් නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
ඉසුරුමුණියෙ තාම පෙම්බස් දොඩයිනම්
දුරපේන සිතිජයද තාමත් එතනනම්
සඳ එළියෙ නැහැවී තරු අතරේ තනිවී
ඉගිලෙන්න මං හරිම ආසයි
ඉගිලෙන්න මං හරිම ආසයි
ඉගිලෙන්න මං හරිම ආසයි