Skip to content

Gawahale

Rookantha Gunathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම් මා කෙතරම් වාසනාවන්තද මා කෙතරම් සන්තෝසද අප රටේ නත්තල් දා සාමය තිබුණානම් වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලි රත්තිඤා පුපුරා රුපියල් වනසා මත වී සතුටු වෙවී ගිනිගෙන දැවෙනා වැලිකතරේ නත්තල නැවතීලා තල් අතු මැදුරේ හෙණ හඬේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ආසියාවේ ඉපදුණු ජේසු අපේ රටට එන්න සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට කුසගිනි දැවෙන පැල්පතේ නත්තල තනිවීලා යුධ ගිනි නැගෙන නගරයේ නත්තල නැවතීලා පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් මා කෙතරම් වාසනාවන්තද/// මා කෙතරම් සන්තෝසද අපි කෙතරම් සන්තෝසද//