Api Wenama Handamu Dethanakata Wela
Krishantha Erandaka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරි දුක ලිහී සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නුඹ හෙලන කඳුළු මුතුකැට අහුලා
එක පොටකට අමුණා
නුඹේ දෙගුරුන් පරලා
සතුටු වෙනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා
අපි වෙනම හඬමු ....
මා තනිව හෙලන සුසුමන් අතුරා
සුව යහනක් සදලා
අප දෙගුරුන් සතපා
ඉසිඹුලනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා
අපි වෙනම හඬමු ....