Skip to content

Tharaka Pelin Eha

Athula Adhikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉඳින්නලූ ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා කඳු නිම්නේ අපි දෙන්නා තනිවීලා සුුදු මීදුම් අප දෑතේ පැටලීලා මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි ඔබ මා ඉන්නෙ මිනිසුන්ගෙන් දුර ඈතයි පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ යහන්තලා වේවිදෝ මන්දා තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා එහේ ඉඳින්න එන්නලූ ආදරේ කුමාරි හා අත් පටලා තුරු අතරින දිව යමුදෝ සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි හමුවූ යාමේ මේ යාමේ මට සීතයි පෙම් සැඳෑව මේ සුරඟනා ලොවේ යහන්තලා වේවිදෝ මන්දා තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉඳින්නලූ ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ රත්තරන් පහන්තරු කරයි අන්න ආරාධනා එහේ ඉඳින්න එන්නලූ එහේ හිඳින්න එන්නලූ එහේ ගිහින් ඉඳින්නලූ එහේ හිඳින්න එන්නලූ එහේ ගිහින් ඉඳින්නලූ