Skip to content

Aya Konde Digata Dala

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ එයාට අපි ටීචර් කියලයි අමතන්නේ... අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි ඈ පාසැල් නාව දාට පංතිය පාළුයි ගමරාළගේ කතාවටයි අපි හරි ආසා කවදාවත් පංතියේ නෑ කරන්නේ ඝෝෂා... සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ ආදරයෙන් සැමදා අප හට සලකන්නේ ඇය අසලම ගැවසෙන්නට අපි හරි ආසයි මේ පංතිය දමා යන්න අපි හරි ලෝභයි...