Skip to content

Eka Dawasak Seeya Ape

Damayanthi Ekanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා හොඳ ලස්සන බෝනික්කෙක් තෑගි ගෙනල්ලා ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ...// හඬලා හැපිලා කෑගහමින් මුලු ගේම හෙල්ලුවා මට ගෙනාව බෝනික්කා නංගී ඉල්ලුවා// අක්කා කිව්වා ඒක මටම දෙන්නට කියලා ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කළා// එක දවසක් සීයා... ගෙදර හැමට මේ හින්දා සිහියත් නැත්තේ අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ// සුදු නංගීයි මමයි ඉඳන් දෙන්නා දෙපැත්තේ බෝනික්කා තුරුලු කරන් නිදියාගත්තේ// එක දවසක් සීයා...