Skip to content

Dalwuu Pahan Dalvee Thibeewa

Chandraleka Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා දැල්වූ පහන් දැල්වී තිබේවා සුන් වූ පැතුම් දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා