Skip to content

Shwethawiye

UDAYA SHREE
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ශෘන්ගාරියේ මගේ සිහින ඉමේ සෙව්වා ඔබේ සුවේ කොතැන කොහේ සංසාරයේ භවේ පුරුදු ලෙසේ ආදරයේ බැඳේ වරින් වරේ ඔය රුව පෙනෙනා හැමදාමත් නිදි නෑ දිගු රැය දැන් තාමත් බොඳ මීදුමකින් සිත් අහස වැසේ මා ළය තුරුලේ සඟවාගත් සෙනෙහේ ඔබමයි හැමදාමත් සතපා හැඟුමන් මා කියමි කෙසේ ශ්වේතාවියේ ඔබේ ආදරේ උන්මාදයක් වගේ... පායන්නේ හදේ සියවරේ ආලෝකයක් මැවේ... සියුමැලියේ ඔබේ ඇඟිලි තුඩින් ස්පර්ශ වුණේ මගේ හදවත හෙමින් දෑසේ ඔබේ නොකී කතා තියන් ඉන්නේ කෙසේ ඔහේ ඔය හුරතලෙන් සීතල මුඳු නිල් අවකාශෙන් ගෙන යන්නම් මේ කුළු මත්තෙන් ඔය බඳ වට මා දෑතින් පටලා රෑ තරු පුරවා කර සිත්තම් ඔබෙ ආදරයෙන් සරසන්නම් එනවානම් මා දෑතින් අල්ලා ශ්වේතාවියේ ඔබේ ආදරේ උන්මාදයක් වගේ... පායන්නේ හදේ සියවරේ ආලෝකයක් මැවේ... සඳසාවි මගෙ හදමඬලෙ තැනින් තැනට හැංගි හැංගිම දුවන්නට නොපෙනි යන්න සැඟවි යන්න සිතුවත් මගෙන් දුර ඈතට ඇදිලම දැන් යන්නට මනසෙ මං දකින හැමතැන මට පෙනෙන නොපෙනෙන හැමතැන ඉසව්වෙම ඔබට නම් කොහොමවත් සඟවගන්න නොහැක දැන් ආදරයෙන් මත්වෙලාම ඔබව සොයා ගනිමි දැන් මේ මුළු විශ්වයම නම් මගේ හිත මා සොයමි පීරමි සියලු චක්රාවාට තරු අහුරු ගනිමි අසංඛෙයිය වර්ෂ ගැන ගැන මම ඔබ පසුපසින්ම හඹාගෙන දැන් එන්නම් එහෙට මෙහෙට දුවන මනස මගේ අතරමං නොකර දැන්වත් මගෙ දෑස බලන්න නැවතිලාම ඉන්න හද පතුලෙම සඟවගෙනම නොයිඳ ආදරේ පෙන්න බලන්න මං ඔයාට කියාදෙන්නම් ජීවිතේ විඳින්න සිහිනයේම ඉන්නවාද නො එන්නේද මා ළඟට දැන් සනසවන්න හිත පුරාම ළංවෙලා සදා... ශ්වේතාවියේ ඔබේ ආදරේ උන්මාදයක් වගේ... පායන්නේ හදේ සියවරේ ආලෝකයක් මැවේ...