Game Ayata Notherenna
Chamara Ranawaka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මෙ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං
කරගැට ආවම ගිටාරේ සද්දෙ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නේ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ
ගමේ අයට නොතේරෙන්න....
පෝය ලඟයි සිදාදිදේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා
ගමේ අයට නොතේරෙන්න....
(අම්මා ගෙදර ඉන්නකො මං කාසි එවන්නං)..///