Nim Walallen Epita
Nanda Malani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මීටියාවතේ
නිහඬතාවය තුලින් තු වී
ඔබේ පා මුදු හඬ ඇසේ
පෙළ ගැහී දුර වන්දනාවක
ඉගිළ යන සමනලුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ
දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ
අහස් ගඟ බඩ හිම වූ කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ