Atharamanwela
Shan Nalin
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔබෙ ඇස් මා දුටු ඒ මුල්දින
සිතුවේ නැහැ ඔබ මාගේ බව
මා හදවත ඉඟියක් කල බව
මට හැඟුනේ ඔබ නොදුටුව දින
සැනසෙන්නට ඔබ ලඟ හිඳගෙන
ආශාවක් මා තුල කොඳුරන
ජීවිතයේ පැහැය විඳින්නට
ඔබ ඕනෑ මගෙ ජීවිතයට
(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..//
එක දවසක මා ඔබ අත ගෙන
ඇවිදින්නම් ඔබ ලං කරගෙන
හැන්දෑවේ තරු වියනක් යට
පවසන්නම් ඔබ මගේම බව...
(අතරමංවෙලා මා ජීවිතේ ඒ ඔබ නිසා මා සොඳුරියේ
ඔබ එනතුරා මා මේ ලෙසේ ඉන්නම් සදා)..///
ඉන්නම් සදා..
අතරමංවෙලා..
ඒ ඔබ නිසා..