Piyagatapela
Narada Abeykoon
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පියගැටපෙළ නැග මං ගෙට එනවා
නුඹෙ නෙතු මා එන මග විමසිල්ලේ
පියගැටපෙළ බැස මං ආපසු යනවා
නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ
අකුරෙන් අකුරට අකුරු කෙරූ දා
බාල මෙමට නුඹ රන් හුය වූවේ
කවියෙන් කවියට පදවැල් ගොතනා
අද නුඹ මට මහ කවි විරිතක් වැන්නේ
පියගැටපෙළ නැග මං ගෙට එනවා....
භවයෙන් භවයට තනිවම යන සසරේ
නුඹ හැමදාමත් මා පසුපසදෝ අම්මේ
නුඹෙ කිරි සුවඳම ඉව කරගෙන මෙලෙසේ
මං හැමදාමත් නුඹ ළඟමයි අම්මේ
පියගැටපෙළ නැග මං ගෙට එනවා....
(නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ...//)