Skip to content

Mage Yalu Malu

Saduni Piyumika, Adithya Bandara, Diyas Sanvidu
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගේ යාලු මාළු මාළු අපේ යාලු...// පීන පීන වතුරේ යාලු මාළු අතරේ හිනාවෙන්න ඇත්නම් කඩදහි ඔරු හදලා ඒ ඔරු වල නැගලා මුහුදු යන්න ඇත්නම්.... (මගේ යාලු මාළු මාළු අපේ යාලු...//) ගෑවි ගෑවි අහසේ කුරුලු පැටව් රෑනේ ඉගිල යන්න ඇත්නම් පෝරු ගාපු කුඹුරේ පෙරළි පෙරළි වගුරේ මඩ නාන්න ඇත්නම්.... (මගේ යාලු මාළු මාළු අපේ යාලු...//) සෙවණ සදන තුරු වැල් සුවඳ හමන වන මල් බලාගන්න ඇත්නම් කරවෙන්නටත් නොදී මැලවෙන්නටත් නොදී තියාගන්න ඇත්නම්.... (මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)