Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mal Mal Sariya
Sandalindu Duggannarala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා
පාන්දරින් පිරුණැයි
නිරන්තර සුවඳ සුවඳ හැමුවැයි
කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණෙ
පඳුරෙ අඳුරු තැනකයි
සායම් තොලේ
නා කොළේ සිඹින්නේ
ඒ තොල් මලේ
රොන් විලේ ඔරුත් ඔරුත් ගිලුණැයි
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා
ආස්සරෙත් බිඳුණැයි
අඬන්නට කඳුළු කඳුළු දැමුවැයි
කිඳුරු නටන කොට සොකරි අඩි තිබුණෙ
පඳුරෙ අඳුරු තැනකයි
හීනෙන් වගේ
ඇස් දිගේ ගලන්නේ
ඒ වැල් දිගේ
දුක් කඳේ දෙගුන් තෙගුන් ඇහුණැයි
මල් මල් සාරිය බඳේ වදින කොට
බඹර බඹර තාලෙට හිත ගැස්සෙන
සාරි පොට යට
මාල දෙක තුන
බාර වෙනකොට ගල්ලා
මායම් සූසැට රඟේට පෙන්නා
සුහුඹුල් මා සිත රවට්ටගල්ලා
බෝල උඩ දමහල්ලා