Sihine Wilase
Athula Adikari, Samitha Mudunkotuwa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //
දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ
සිහිනේ විලසේ ...
නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ
සිහිනේ විලසේ ... //