Adara Suwandak Danuna
Clinton Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ
නොකියූ රහසක් තිබුණා නෙත් අග බැල්මේ
නෑ හිත මිතුරන් සමගින් පෝරුව මුදුනේ
අපි දෙදෙනා එක්විය මංගල ගී හඬ මැද්දේ//
දෙමාපියන් ඔබව හදා වඩා ලොකු කළේ
දුක් සැප දෙක නිතරම අපටමයි කැපකළේ
දුවේ පුතේ ඔතැන් පටන් ඔබ දෙදෙනාගේ
අනාගතය භාර කරමු අත දෙවිඳුන්ගේ
ආදර සුවඳක් දැනුනා...
පිවිතුරු ප්රේමය කවදත් ලොව ජයගන්නේ
කූඩු තනාගන්නට යන්නට සැරසෙන්නේ
සතුටු කඳුළු දෙනෙත් වලට පිරුණත් මෙදිනේ
රැකදෙන් අප දරුවන් නිතරම දෙවිඳුන්නේ
ආදර සුවඳක් දැනුනා...