Skip to content

Ran Muduwaka

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රන් මුදුවක සිරවී තැවෙනා ලඳුනේ දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ලග සැනසී ඉන්නේ තනි යහනේ මා තැවෙනා හැමවාරේ ඔබෙ පහසේ මා සිහිනෙන් සැනසෙන්නේ මා තුරුළේ ඔබ නළවා සතපන්නේ කවදාදෝ මේ සිහිනේ එළිවෙන්නේ දුක වාවා නගනා හසරැල් දුටුවා මා නුඹෙ හද මනසින් වියැකී යන්නට පෙර රහසින් මගේ දෝතට ගන්නම් සෙනෙහෙන් ප්‍රේමය වින්දා නුඹෙ ඇසුරේ නිවුණා මුළු ජීවිතේම නුඹ මගෙ වීලා අපි ආදරෙන් ඉමු ලංවීලා නෙතු පාරා ගලනා කඳුලැල් මා දෑතින් පිසලා සනසා හද දවනා රිදෙනා මතකෙන් නුඹ මුදවා රැකගමි සැමදා ප්‍රේමය මා වින්දා නුඹෙ ඇසුරේ නිවුණා මුළු ජිවිතයම නුඹ මගෙ වීලා අපි ආදරයෙන් ඉමු ලංවීලා