Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Isaipriya
DEVA
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පීරා එන කරදිය සුළඟේ
සේනාවක මර හඬ ඇසුණේ
හේබා ගිය අහසට ඇඬුණේ
නියඟලා මලකයි පෙති තැලුණේ
පායා ආ උතුරුකරේ හඳ ඈ
මායාකාරී තරු ඇස් අද නෑ
ශෝබාදේවී රතු තොල් මත ගෑ
සායම් පාටින් සියොළඟ ගිනි ලෑ
තහනම් පොළවක දෝ පිපුණේ
වහ නම් ඇයි දෙබරුන් පිරුණේ
උතුරා ගිය කඳුලම දකුණේ
පිරුණා නොවෙදෝ තල් අරණේ
නානා නෙත් මත් කළ මදුවිත ඈ
රූරා එන කඳුලක සුසුමන් ගෑ
හූරා සඳ කීතු කීතු විය රෑ
දහසක් තරු වෙඩි සලකුණු ඇය කෑ
අඳුරුයි හෝරා උදුරෝලා සලු
තොල්පටි පැලුවා යගදමෝරා උඹෙ සෝබා වත
තනි හිතින් දවන්න හැකිද කෝමා මේවා ශෝකාලාප
විමුක්ති කොටි දන්නැතුවැති ශෝභා වාසි ගත්තෙ ඩයස්පෝරා
ලේ සුවඳයි අලිමංකඩෙන් ගහන හුළඟ
සේද තෙතයි කඳුලු කඩන් වැක්කෙරුන
කේමදාසලා අතිනුත් හැදුන නාද හරඹ
දේවා අද අවුලන්නෙ ගිණි වගෙ නෙවෙයි killer මාරු වෙයි පිල
කලා කුරු වෙම්බඩි ලෝගුව කෝ නීතිවෙදි
රඟදුන් විදතලි ඔලිවිච්චියේ මාධ්යවේදි
මොර දුන් ඒ නිරුවත් කත කියපං උඹද දේවි
ගෙන්නාවිද විධායකෙන් දේවා ටැමිල් වර්ෂන් උඹ මනම්පේරි
ගිවිසුමට පක්ෂයි 2002 අලි කොටි ඉනුවලු සීතල දිය වෙනුවට ලේ ළිංවලින් ආඬි
කඳ දෙයියො රණ බිම් මැද බල සෙනඟට මල් පුදාවි
ඇන්දට ඔය සුදු සාරියෙ ලේ ගෑවිල නන්දා මාලනී
භීතියක් කල තිස් වසරක් වගෙ හීනයක් කලා ගීතයක් අද නීතියක් කො බටලන්දෙ වධකයා විධයකෙ ඉඳි හිරිකිතයක්
උඹ කීද්දියන් මෙකෙ මහ එවුන් අකලට මැරුන නම් වෙන්නැ මේව හීනෙකින්
ස්වධීනෙ පුවත් අසා ප්රීතියෙන් අපි ඉපිලුනා දන්නැති හින්දා මේ සීමිතෙත්
මැරුවා මග තියා සළු උතුරට ඉහිරුනා
ලේ පිරුනම යගදාවට පණපිටින් නිරුවත් කලා
පාවදුන්න ප්රේමදාසල රජවුනා අප්පච්චිලා
කිළිනොච්චියේ පර දෙමළුන්ට මේකේ බුදුවෙන්න බැ ඉසිප්රියා
පීරා එන කරදිය සුළඟේ
සේනාවක මර හඬ ඇසුණේ
හේබා ගිය අහසට ඇඬුණේ
නියඟලා මලකයි පෙති තැලුණේ
පායා ආ උතුරුකරේ හඳ ඈ
මායාකාරී තරු ඇස් අද නෑ
ශෝබාදේවී රතු තොල් මත ගෑ
සායම් පාටින් සියොළඟ ගිනි ලෑ
තහනම් පොළවක දෝ පිපුණේ
වහ නම් ඇයි දෙබරුන් පිරුණේ
උතුරා ගිය කඳුලම දකුණේ
පිරුණා නොවෙදෝ තල් අරණේ
නානා නෙත් මත් කළ මදුවිත ඈ
රූරා එන කඳුලක සුසුමන් ගෑ
හූරා සඳ කීතු කීතු විය රෑ
දහසක් තරු වෙඩි සලකුණු ඇය කෑ