Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kelesada Kiwa Mana
Kamal Chithrasena
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කලඹක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මණමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මම මල් කලබ අරන් එන්නේ
මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
මේ සෙවනේමයි වෙන්වූයේ
මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
මේ සෙවනේමයි වෙන්වූයේ
කිසිද හමුනොවනට වෙන්වූ අපි
කෙලෙසද මේ ලෙස හමුවන්නේ
කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ
මුලු ලොව උරණව සිටිදා අපහට
සිටියෙ උදව්වට ඔහු පමනයි
මුලු ලොව උරණව සිටිදා අපහට
සිටියෙ උදව්වට ඔහු පමනයි
අද ඔහු අතගෙන පෝරුව මත හිද
කෙලෙසද මාගෙන් සමුගන්නේ
අඩනා සිතකිනි ඔබට සුභපතන්නේ
කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කලබක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මණමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ