Kowulange Mihiri Sangeethe
SANUKA
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදෙන් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොලපාරේ සීහිල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ
සිහිනේ වගේ සේයා මැවේ
වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ
සොබා දිලේ අහස නිලේ නැලවෙන්නේ ඕළු විලේ
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදෙන් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොලපාරේ සීහිල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ
මල මල සිඹ ඒ
මල මල සිඹ ඒ
ගුමු ගුමු නාදේ
මීමැස්සන් රොන් ගන්නා වෙලේ
සමනල නඩය සුලලිත තාලේ
පිනවන්නේ හද මා මේ යාමේ
සිහිනේ වගේ සේයා මැවේ
වෙල් යායේ විල් තීරෙ සැන්දෑවෙ මේ
සොබා දිලේ අහස නිලේ නැලවෙන්නේ ඕළු විලේ
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදෙන් නැංවේ සැන්දෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොලපාරේ සීහිල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ