Oba Pana Oya Balme
Sujatha Aththanayaka, R Muththusami
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
චිත්රපටය : සත පනහ (1965)
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....
සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොනවාදෝ
සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොන දේ කිව මැන
හද තුල පොපියන ආශා....
කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා
කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා
පොඩි පොඩි සිතුවිලි සුලි සුලි සෑදේ
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
මහද කූඩුවේ හිමි පරවි ලඳුන සොබනා
ඇයි තව පැකිලනු අවහිර නෑ නෑ
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....
සිසිල සුව බෙද බෙද හමනා සුලගේ පිපෙනා
සිත මල ලෙලදෙයි සිලිසිලි ගාලා
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....