Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nayana
Sanath Nandasiri
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉර හඳ පමණයි කවදත් උන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්...
ඉඳුල් මගේ නෙත මුලින්ම දුටු දා
මා හා හිනැහුණු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
මට පෙම් කළ මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්...
පාසැල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන්
මගේ බොළඳ හිත මට තිබුණාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වන්නේ
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉර හඳ පමණයි කවදත් උන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්...