Skip to content

Ada Andure Ma

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අඩ අඳුරේ මා දෙනෙත් කඳුළු අතරේ අලසව වැතිරී තනි යහනේ ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි මුළු ලොව නිසලව නිදන වෙලේ දහසක් කවි කල්පනා මගේ සිතෙහි එවිට පිළිසිදෙයි ඉබේ එනකෙහි ඔබ සිහිනෙක දැවටී නින්ද සමග යහනට ඇවිදින් අළුයම බොල්පිණි තැවරීමෙන් මුදු අඳුරේ සීතල සළුව යටින් හොරෙන් හොරෙන් ඔබ යනවිට ඒ අද සිදුවීමද නෑසී යයි ඉන් මත පළවා දෙනෙත් කවුළු ඇර ඔබ සොයනා මට ඔබ නොපෙනෙයි දහසක් කවි කල්පනා මගේ හදෙහි යළිත් පිළසිද තිබේ අඩ අඳුරේ මා