Skip to content

Liya Liya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා (Smokio) හැමදේම දුන්නා මං ඔයාට කැමැති කැමැති හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති මං හිතන්නේ අපි පටං ගත්තෙත් වැරදි තැනකින් මට ඔයා ගාවම ඉන්නයි ඕන උනේ ඈත් වෙන්න නෙමෙයි මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි කවදාවත් නෑ කඳුලින් නෙත් තෙමෙන්න දෙන්නේ හැමදේම වෙලා දැන් මං කිව්ව නෑ වෙන්න දෙන්නේ හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නැ නිවෙන්නේ තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ඔය මූණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දී ඒකයි රිදෙන්නේ ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා ඔව් මට තව පාරක් හිතන්න තිබුනා මම ගත්ත තීරණය වැරදී නිතර හිතුනා නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් මිදුන සමාවෙන්න මං සුදුසු නෑ ඉල්ලන්න සමාව පසුතැවිල්ලට හේතුවයි පමාව මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව හෙමි හෙමින් මරනවා වගේ පාලුව මාව ගලයි වරදකාරි සිතුවිලි කඳුලු ගංගාවක් මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරැ වලාවක් ඔයාගෙයි මගෙයි ආදරේත් අමුතු කතාවක් ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක් පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා ලිය ලියා දුන් ආදරේ මා ඉර ඉරා ඇයි යන්නේ හැරදා මගෙ හදවතේ ගිනි අවුලා