Me Sayuru Mane Ma Thaniwela
Raj Wickramasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා
සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ
ප්රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ
සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුනේ
මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා