Eka Kude Yatin
Rupa Indumathee
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා)//
(හිස් අවකාශෙන් නිබදව හැළෙනා
වැහිබිදු පතිතව සතර අතේ)//.
අප යන දෙපසේ දියවැලි ඇඳුනා
සෙනෙහස ගලනා පරිදි සිතේ
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
(ආමග ඔබ නැත මා පමණකි අද
ඉන්නේ වැහිළිහිණියක වගේ)//
වැසි නැති කාලෙක සිහින ලොවේ දී
ඔබ හා තනිවෙමි පුරුදු මගේ
(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා)//