Sina Sunath Oba
Indrajith Dolamulla
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ
හමුවෙලා කතා කළත් අප දහස් වරේ...//)
සැරින් සැරේ කියන්න හදන ඔය කතන්දරේ
නොහැඟුනා නොවෙයි මටත් රහස ආදරේ.....
ජීවිතේ ආදරේ නැවුම් හැඟුම් ගෙනා
ආදරේට ගීතයෙන් සියුම් අරුත් ලියා
සැරින් සැරේ කියන්න ඔය දෙනෙත් කතා
හිතාගෙනයි සිතින් මැව්වේ සිහින මාළිගා....
සිහිනයේ සරා සරා සුරංඟනා ගොබේ
සෙනෙහසේ කොපුල් තෙමා සිහින සාගරේ
සැරින් සැරේ නොවේ රඟන්න හැකිද මා හදේ
සිතින් පතා ඉතින් පුදන්න එන්න ආදරේ.....
හිත පතා සිනාසුණත්......