Skip to content

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුළඟේ හැපී සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපි මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ පුර සඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ නරඹමු නිසංසලේ විදුලි දුම්රියේ චංචල නාදය.../ පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් යෞවන අවන්හලේ මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ කුමරුන් මමය ඔබේ විදුලි දුම්රියේ චංචල නාදය.../