Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dana Dana Waradi Karanawa
The Gypsies
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
ගමරාළගේ එළ හරකෙක් හොරකම් කළ හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
ඈ, කවුද, කවුද, කවුද මිනිහෝ මගේ හරකා අරන් යන්නේ?
ඔහේගෙ නං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න
අනේ මගේ කට!
හරකෙක් කොහෙද මා ළඟ?
කඹයනේ අල්ලන් ඉන්නේ
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
(නැතිනං හදල කියනවා)
කිතුලක රා බොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
"ඕයි" කවුද ඩෝ ගස් බඩගාන්නෙ පාන්දර ජාමේ?
තණකොල ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න
තණකොළ ගහ මුදුණේ?
ඒක තමයි
තණකොල නෑ ගහ මුදුණේ
අනේ, ඒකයි බිමට බහින්නේ
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
(නැතිනං හදල කියනවා)
මරනවා මම තඩි බලලා, වෙරි වූ මීයෙක් කියලා
බලලා හට මෙය ඇහිලා
ඈ, මාව මරන්න තෝ
කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
විහිළු, හොඳ විහිළු
රාලහාමිලා වගේ අය
ගණන් ගන්නේ ඇයිද සුළු දෙය
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
(නැතිනං හදල කියනවා)
නැතිනං මවලා කියනවා
(නැතිනං මවලා කියනවා)
නැතිනම් පැනල දුවනවා
(නැතිනම් පැනල දුවනවා)
සමහරු ගහලා දුවනවා
(සමහරු ගහන දුවනවා)
නැතිනං හදල කියනවා
(නැතිනං හදල කියනවා)
නැතිනං මවලා කියනවා